November, 13, 2017
සෑම කෙනෙකුටම පිරිසිදු ජලය සහ උසස් තත්ත්වයේ අධ්‍යාපනය වැනි මූලික පහසුකම් ලබාගැනීමේ හැකියාව සහතික කිරීම තුළින් ඔවුන්ට තම ජීවන ශක්‍යතාවේ උපරිමය ළඟා කරගැනීම වඩාත් පහසු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශයට පත්කර ඇති තිරසාරත්ව සංවර්ධන ඉලක්ක මාලාවේ දැක්වේ.
කෙසේ වුවද දිවයිනේ ප‍්‍රදේශ රැුසක ජනතාවට පිරිසිදු ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප‍්‍රමාණවත් පරිදි නොලැබෙන අතර එය ඔවුන්ට තම ජීවන තත්ත්වය උසස් කරගැනීමටද මෙන්ම උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලැබීමටද බාධාවකි. මෙම ප‍්‍රජාවන්ගේ අනාගතය යහපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මේ මොහොතේ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බවට පත්වී තිබේ.
ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම මෙම කරුණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති අතර වඩාත් තෘප්තිමත් හා සමෘද්ධිමත් කිරිගොවි ප‍්‍රජාවන් නිර්මාණය කිරීම යන ඉලක්කය මූලික කරගෙන තම ප‍්‍රජා සත්කාර වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි.
2014 වසරේ සිට මේ දක්වා, මෙම ඉලක්කය යටතේ ෆොන්ටෙරා සමාගම ව්‍යපෘති 82 ක් සාර්ථක ලෙස සම්පූර්ණ කර තිබේ. මෙහිදී තිරසාර ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම, පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම, ආහාර වල සුරක්ෂිතතාව සහතික කිරීම සහ සෞඛ්‍ය හා සුරක්ෂිතතා වැඩසටහන් කි‍්‍රයාවට නැංවීම ආදිය කෙරෙහි සමාගමේ මූලික අවධානය යොමුවී ඇත.
මෙම ව්‍යාපෘති හරහා 50,000 කට වැඩි පිරිසකගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට දායකත්වය ලබාදීමට ෆොන්ටෙරා සමාගම දැනටමත් සමත් වී තිබේ. මෙහි නවතම වැඩසටහන ලෙස හොරණ ප‍්‍රදේශයේ ජල සහ සනීපාරක්ෂ පහසුකම් ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කරන ලදි.
මෙම නව ව්‍යාපෘතිය ඔස්සේ මීට පෙර වියළි කාලගුණය පවතින කාලවලදී මාස ගණනක් පිරිසිදු ජලය හිඟ වීමේ ගැටලූවට මුහුණ දුන් මොරගහහේන මහා විද්‍යාලයේ සිසුන් 1,512 දෙනෙකුට සහ ගුරුවරුන් 64 දෙනෙකුට සෙත සැලසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ (ආයතනික කටයුතු) අතුල කහඳලියනගේ මහතා පෙන්වා දුන්නේ ශ‍්‍රී ලංකාවේ කිරිගොවි ප‍්‍රජාවන් ශක්තිමත් කිරීමට සමාගම කැපවී සිටින බවයි.
‘‘අපගේ මෙම උත්සාහයේ හවුල්කරුවන් වන සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරය සහ Kansarmen පදනම සමග අප සමීපව කටයුතු කරන්නේ ඒ නිසයි. මේ ඔස්සේ වර්තමාන සමාජයට මෙන්ම අනාගත පරම්පරාවන්ටද යහපතක් වන වැඩසටහන් හඳුනාගෙන ඒවා ක‍්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.” අතුල කහඳලියනගේ මහතා පැවසී ය.
මෙම නවතම ව්‍යාපෘතියේදී Kansarmen පදනම, මොරගහහේන මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය සහ එහි ආදි ශිෂ්‍ය සංගමය සමග එක්වී කටයුතු කරමින් එම විද්‍යාලයේ ළිඳ වැඩිදියුණු කර, නව වතුර පොම්පයක් සහ ජලනල පද්ධතියක් සවිකර, නව කරාම පද්ධතියක් සවිකිරීමටද ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ලංකා සමාගම පියවර ගත්තේ ය.
මෙම පහසුකම් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ පත්මසිරි ජයසිංහ මහතා පෙන්වා දුන්නේ මෙම ප‍්‍රදේශ වල ජනතාව කලක පටන් පිරිසිදු ජලය හිඟකම සහ සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රමාණවත් නොවීම යන ගැටලූ වලට මුහුණ දෙන බවයි. දැනට ප‍්‍රදේශයට බලපා ඇති නියං තත්ත්වය නිසා මෙම ගැටලූ තවත් උග‍්‍ර වී තිබේ.
‘‘මෙම ගැටලූව විසඳීම සඳහා ෆොන්ටෙරා සමාගම මෙසේ ප‍්‍රදේශයේ ජනතාව සමග එක්ව කටයුතු කරනු දැකීම විශාල සතුටක්. මේ ඔස්සේ දරුවන් වැඩි වශයෙන් පාසල් ඒමට පෙළඹෙනවා වගේම මෙය සමස්තයක් රටේ අනාගත පරපුරේ සෞඛ්‍ය තත්ත්වය නංවාලන වැඩපිළිවෙළක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” පත්මසිරි ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
‘‘අපගේ විදුහලේ ගුරුවරුන් හා සිසුන් වෙනුවෙන් මේ ආකාරයට ජලය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කර දීම සම්බන්ධයෙන් මා ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගමට මගේ කෘතඥතාව පළකර සිටිනවා. මේ ඔස්සේ සිසුන්ට පාසල වඩාත් ප‍්‍රසන්න ස්ථානයක් බවට පත්කරමින් ඔවුන්ට වඩාත් දීප්තිමත් හා නිරෝගී අනාගතයක් උදාකර දීමට අපට හැකියාව ලැබේවි.” මොරගහහේන මහා විද්‍යාලයේ විදුහල්පති එස්. සී. ජයන්ත මහතා පැවසී ය.
ඡායාරූපය:මොරගහහේන මහා විද්‍යාලයේ සිසුන් 1,500 කට අධික පිරිසකට දැන් අඛණ්ඩ පිරිසිදු ජල සැපයුමක් ලැබී තිබේ.

කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ පත්මසිරි ජයසිංහ මහතා නව ජල හා සනීපාරක්ෂක පහසුකම් මොරගහහේන මහා විද්‍යාලය වෙත නිල වශයෙන් භාරදුන් අවස්ථාව
Video Story