ෆොන්ටෙරා සමාගමට ඩොලර් 300,000 ක දඩයක්

    April, 4, 2014

    2013 වසරේ ලෝකය පුරා බොටුලිසම් බැක්ටීරියා භීතිකාවක් පැතිර ගිය සමයේ ආහාර ආරක්ෂණ නීති හතරක් උල්ලංඝනය කළායැයි පිළිගෙන තිබෙන ලෝකයේ විශාලතම කිරිපිටි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා සමාගමට නවසීලන්ත ඩොලර් 300,000 ක දඩ මුදලක් පනවා තිබෙන බව වාර්තා වේ.

    මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර මෙම බොටුලිසම් බැක්ටීරියා භීතිකාව නිසා එකළ නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම ලෝකයේ බොහෝ රටවල් අත්හිටුවා දැමීය.

    පසුව සිදුකරන ලද පරීක්ෂණ වලින් ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදනවල ප්‍රශ්නයක් නොමැති යැයි ඔප්පු වූ බවද සඳහන්ය.

    එල්ලවී තිබූ චෝදනා හතරක් සමාගම විසින් පිළිගෙන තිබුණේ පසුගිය මාර්තු මාසයේදීයි.