19 ආවත් විගණන පනත හැලුණු බව ජනපති කියයි

    July, 15, 2015

    19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නව රජය සමත් වුවත් දූෂණ වලක්වා මනා මූල්‍ය කළමනාකරණයක් සහ මූල්‍ය විනයක් ඇති කිරීමට අවශ්‍ය වන්නා වූ විගණන පනත ගෙන ඒමට අපොහොසත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

    ඊයේ ඔහු විසින් සිදුකළ විශේෂ ප්‍රකාශයේදී ඔහු සඳහන් කළේ මේ රටේ රාජ්‍ය අංශයේ වංචා සහ දූෂණ පිළිබඳව කතා කිරීමේදී ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත බවයි.

    තමා මේ පිළිබඳව අවුරුදු 10 ක කාලයක සිට අවධාරණය කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    මෙම දූෂණ වලක්වා හොඳ මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමට විගණන පනත ගෙන එනබව සඳහන් කර තිබුණත් නව රජය එය ගෙන ඒමට අපොහොසත් වූ බව මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.