• 2000CC
  • Ban
  • cars and jeeps
  • Gammanpila

2000CC ට වැඩි සියලු කාර්, ජීප් තහනම් කරන්න – ගම්මන්පිල

June, 15, 2022

වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තාවකාලිකව තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (15) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

“අද සමහර සැප කාර්, ජීප් තියෙනවා ලීටරයට යන්නේ කි.මී. 4යි 5යි. හැබැයි ත්‍රී රෝද රථයක් ලීටරයට කි.මී. 25 ක් 30 ක් යනවා. වෙනත් වචනවලින් කිව්වොත් මේ වාහනයක් එක දවසකට වැය කරන තෙල් ප්‍රමාණයෙන් ත්‍රී රෝද රථයක් සතියක් දුවන්න පුළුවන්.“

මේ අතර තමන් මේ වන විට භාවිතා කරන්නේ 1500CC පුංචි කාර් රථයක් බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

තවද ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක කළ යුතු යෝජනා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව යැවීමට කටයුතු කරනු ලබන බවද හෙතෙම මෙහිදී පැවසීය.