2004 දී සැකසූ කොළඹ නගර සංවර්ධන සැලසුම යළිත් කරළියට

    April, 23, 2015

    මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කළාපය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස්කළ බස්නාහිර කළාප සංවර්ධන සැලැස්ම වර්තමානයට ගැලපෙන පරිදි සකසා ගැනීමටත් ඊට ආදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් රජය සූදානම් වේ.

    මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර බස්නාහිර කළාපය සහ කොළඹ නගරය දකුණු ආසියාවේ කැපී පෙනෙන නගරයක් බවට පත්කිරීම හා කළාපීය මූල්‍ය හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට මෙම සැලසුමෙන් යෝජනා කර තිබේ.

    මේ සැලසුම යටතේ කොළඹ නගරය සංවර්ධනය කිරීම සඳහා මග පෙන්වීම රජයේ වගකීම බව සඳහන්ය.