2008-2014 බැඳුම්කර නිකුතු ගැන මහ බැංකුව මෙසේ කියයි

    January, 16, 2018

    2008-2014 කාලසීමාව තුළ රජයේ බැඳුම්කර නිකුත් කිරීමේ දී කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව වහාම ප්‍රකාශයක් කරන ලෙස මහ බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.

    මෙහිදී 2018 ජනවාරි 11 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශය වෙත අවධානය යොමු කරනු ලැබේ. එම අවසාන ඡේදයෙහි වෝහාරික විගණනයක් සිදු කිරීම පිළිබඳව සඳහන් කොට ඇත.

    එකී විගණනයේ දී 2008-2014 කාලසීමාව තුළ සිදුවූ රජයේ සුරැකුම්පත් සහ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු විමසා බැලෙනු ඇති අතර මෙම විගණනය බාහිර පාර්ශවයක් විසින් සිදු කෙරෙනු ඇත.

    වෝහාරික විගණනය අවසාන වීමට පෙර මේ සම්බන්ධ කිසිදු ප්‍රකාශයක් සිදුකිරීම යෝග්‍ය නොවේ.