2016 ඔක්තෝබර් වාහන ආනයන සියයට 55 කින් පහළට

    February, 3, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 ඔක්තෝබර් මාසය සඳහා වන විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව අද දිනයේ දී එළිදක්වනු ලැබීය.

    මෙම වාර්තාවට අනුව 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයනය කරන ලද වාහන සඳහා දරනු ලැබූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 64.6 ක් ලෙසින් වාර්තා වේ.

    2015 ඔක්තෝබර් මාසයේ දී මෙරටට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 145.5 ක වියදමක් දරා ඇති අතර මේ අනුව 2016 ඔක්තෝබර් මාසයේ දී වාහන ආනයනික වියදම 55.6% කින් පහළ ගොස් තිබේ.

    මේ අතර 2016 ජනවාරි - ඔක්තෝබර් මාස 10 තුළ දී වාහන ආනයනය සඳහා දරක ලද වියදම ඩොලර් මිලියන 672.5 ක් වන අතර එය 2015 වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයේ දී දරන ලද වියදම වූ ඩොලර් මිලියන 1,176.4 හා සැසඳීමේ දී සියයට 42.8 ක පහළ යාමකි.