2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් ඇමැතිට

    April, 27, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ඊයේ (26) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය.

    මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළඟ වසරේ අප්‍රේල් මස 30 වැනි දිනට පෙර මුදල් අමාත්‍යවරයා වෙත දැනුම් දිය යුතුය. රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ ඊට අදාළ ගැටලු, අනුමාන සහ ඉලක්කයන් මෙම වාර්තාවට ඇතුළත් වෙයි.

    මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ 67 වැනි වාර්ෂික වාර්තාව ද වෙයි.

    මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස්. ලංකාතිලක, සහකාර අධිපතිවරු වන කේ.ඩී. රණසිංහ, එස්.ජේ.පී. සිරිවර්ධන යන මහත්වරු සහ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ වයි. ඉන්ද්‍රරත්න මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.