2017 අයවැය මඟින් යෝජිත පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    March, 16, 2017

    සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට හා වාණිජ මට්ටමේ කෘෂිකර්මාන්ත කටයුතුවල නියැලෙන සමාගම්වලට සහන සැලසීම සඳහාත්, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතා සපුරා ගැනීමටත් ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක සහනදායී ණය යෝජනා ක්‍රම 12ක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අයවැය යෝජනා මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇත.

    ක්‍රියාත්මක කිරීමේ පහසුව සැලකිල්ලට ගනිමින් අදාළ සියලුම ක්ෂේත්‍ර ණය යෝජනා ක්‍රම 08ක් යටතේ ආවරණය වන පරිදි, රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.