2017 මාස තුනක් යන්නත් කලින් කොළඹ කොටස් සියයට 4 කින් වැටිලා

    March, 23, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,979.85 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 16.80 ක හෙවත් සියයට 0.28 ක පහළ යාමකි.

    2016 මාර්තු 15 දිනෙන් පසු වාර්තා වූ අවම සියලු කොටස් මිල දර්ශක අගය ලෙස මෙය වාර්තා වේ.

    දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ද ඒකක 11.73 ක පහළ යාමක් වාර්තා කළ අතර එහි අගය දැක්වුණේ ඒකක 3,411.96 ක් ලෙසිනි.

    රුපියල් මිලියන 616.39 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා විය. මෙය 2017 වසරේ සාමාන්‍ය පිරිවැටුම් අගය වන රුපියල් මිලියන 671 ට වඩා පහළ අගයයකි.

    2017 වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශක අගය සියයට 3.99 කින් පහළ ගොස් තිබේ. S&P SL20 දර්ශකයට අනුව සියයට 2.42 කින් කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.