2018 අයවැය විවාදය වෙන්නේ මෙහෙමයි

    September, 13, 2017

    2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය සම්බන්ධයෙන් අපේක්ෂිත වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එය සැලකිල්ලට ගන්නා ලදී.

    ඒ අනුව, 2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය කථාව 2017 නොවැම්බර් මස 09 වන දින පැවැත්වෙන අතර, විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය 2017 නොවැම්බර් මස 10, 11, 13, 14 හා 15 යන දිනයන්හිදී පැවැත්වීමටත්, එහි කාරක සභා විවාදය 2017‑11‑16 දින ආරම්භ කිරීමටත්, විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 2017‑12‑09 දින පැවැත්වීමටත් සැලසුම් කර තිබේ.