September, 4, 2018
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම හොංකොං හි InterContinental Grand Standford හි පැවැත්වූ ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards 2018 Asia and Australasia ) සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ඊයේ (4) සමත් වීය. ශ්‍රීලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාඩම්බර සාමාජික ගුවන් සේවයකි.
ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් දියත් කරන ලද ප්‍රවර්ධන වැඩසටහන වන “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න ”සඳහා “2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය” යනුවෙන් සම්මානයක් ද දෙවැනි වරටත් ශ්‍රීලංකන් “ 2018 වසරේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය,”සඳහා වන සම්මානය ද හිමිකර ගැනීමට හැකිවිය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ “ගුවන් සමාගම මූලික වශයෙන් සිය අවධානය යොමු කරන්නේ සිය නිෂ්පාදන /ගුවන් ගමන් ධාරිතාව වැඩි කිරීම තුළින් නව ගමනාන්ත හදුන්වා දීමෙන් සහ ඇතැම් වෙළෙඳපොලවල් සඳහා ක්රමානුකූල සහ ඉලක්කගත ව්‍යාප්තිය වෙත අවධානය යොමු කිරීමෙන් කලාපිය ප්‍රමුඛයා බවට පත්වීමටයි. ඒ මහතා තවදුරටත් කියා සිටියේ “ ඉන්දියානු උප මහද්වීපයේ අපගේ ගුවන් ගමන් ශක්තිය තුළින් පාර්භෝගිකයන්ට ගෝලීය ගුවන් ගමන් ජාලයේ තමන් කැමති පරිදි සිය සංචාරය සිදුකරගැනීමේ අවස්ථා රැසක් ලබාදී ඇති බවයි. එසේම ගුවන් සමාගමේ සුවිශේෂී අලෙවිකරණ සන්නිවේදන ක්‍රියාකාරකම් තුළින් ගුවන් සේවයේ වෙළෙඳ නාමය ඉලක්ක වෙළෙඳපොලවල් හී සවිබල ගැන්වීමටද හැකිවී ඇති බවද ඒ මහතා කියා සිටියේය. ගුවන් සමාගමේ ප්රයන්තයන් සාර්ථකව ඉටුකර ගැනීමට මෙම සම්මාන ද්විත්වය සාක්ෂි දරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර සමින්ද පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ “ මේ වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී සම්මාන ද්විත්වයකින පිදුම් ලැබීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බවයි.මෙයින් එක් සම්මානයක් අප ISC කලාපය තුළ ප්‍රමුඛයා ලෙස නැගී සිටින බව පිළිබිඹු කරන අතර අනෙක් සම්මානය අපගේ අලෙවි සන්නිවේදන ප්රයන්තයන් හි නව්‍යකරනය සහ විශ්ව ආකර්ෂනය විදහා දක්වන බවද ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සමීප සම්බන්ධතාවය සැමරීමට සහ ගෞරව කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න ” ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කර ඇත. මෙම සමස්ත ප්‍රචාරණ ව්‍යාපාර හරහා ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ වෙසෙන අතිබහුතරයක් වූ ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකා දිවයිනේ සුන්දරත්වයට ආකර්ෂණය වූ ඕස්ට්‍රේලියානුවන්ගේ කැමැත්ත දිනාගැනීම අරමුණු විය. මෙම නිර්මාණශීලී වැඩසටහන් තුළින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතීන් තුළ පවතින එක හා සමාන ප්‍රසන්නතාවයන් මෙන්ම උද්යෝගයන් වන ක්‍රිකට්, ආහාර පාන,කලාව,ක්‍රිකට්, රළ මත ලිස්සා යෑම මෙන්ම වනජීවි සුන්දරත්වය යනාදි ලක්ෂණ දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කරනු ලැබේ.
මෙම දර්ශන තුළින් පෙන්නුම් කරනු ලබන ස්ථාන හඳුනා ගැනීමේ සම්බන්ධකය (location pin ) සංචාරකයන්ට සෘජු ගුවන් ගමන් පිළිබඳ අදහසක් ලබාදෙන අතර ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලය හරහා ගුවන් සම්බන්ධතා තුළින් ගමනාන්තය හා ළඟා විය හැකි බවද විදහා දක්වයි.
මෙම නිර්මාණශීලී කාර්යයන් වෙනුවෙන් ගුවන් සමාගමට J Walter Thompson ශ්‍රී ලංකා ආයතනය සිය නිර්මාණශීලී දායකත්වය ලබාදී ඇත. මෙම සම්මානය ITB බර්ලීන් හි මෙම වසරේ පැවැත්වනු ලැබූ ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේ දී ලබාගත් පළමු තරු සම්මානයෙනු පසු ගුවන් සමාගම මෙම ප්‍රචාරන ව්‍යාපාරය සඳහා ලබාගත් දෙවැනි සම්මානයයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙල්බර්න් වෙත ශ්‍රිලංකන් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසු ගුවන් සමාගමේ මෙහෙයුම් වාණිජමය ලෙස සාර්ථකව සිදු වූ අතර මෙම සාර්ථකත්වය සඳහා අලෙවිකරණ ක්‍රියාකාරකම් තුළින් විශාල දායකත්වයක් හිමිවී ඇත.
වැඩිවන ඉල්ලුම සහ නොනවත්වා ගුවන් ගමන් සඳහා ගුවන් මගීන්ගෙන් හිමිවන තෘප්තිමත් ධනාත්මක ප්‍රතිචාර මත ගුවන් සමාගම සිය නවීන පන්නයේ එයාර්බස් 330-300 ගුවන් යානා ඔක්තෝබර් මස 28 වැනිදා සිට කොළඹ මෙල්බර්න් නොනවත්වා ගුවන් ගමන් සඳහා යොදා ගැනීමට නියමිතයි.
ගුවන් සමාගමේ A330-300 ගුවන් යානා තුළ අති නවීන තැලස් ඇවන්ට් (Thales Avant Audio-Video on Demand (AVOD)) ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හදුන්වා දී ඇති අතර එමගින් චිත්‍රපට,ක්‍රීඩා,සංගීතය, කාලගුණික තත්වයන් පිළිබඳ ගුවන් මගීන්ට දැනුවත් වීමට හැකිය . මෙහි ගුවන් මැදිරිවල හාත්පස පැතිරුණු ආලෝකනය සහ සුවපහසු ආසන පහසුකම් ඇත. ව්‍යාපාර පංතියේ සැප පහසු හෙරින්බෝන් හැඩයේ අති සුඛෝපභෝගී නිදන ආසන , ස්වාභාවික අවස්ථාවන් වල ආලෝකනය මෙයින් උද්දීපනය වී ඇත.එසේම සෑම ගුවන් මගියෙකුටම සෘජු ප්‍රවේශ මාර්ග, පුද්ගලයන් සඳහා PC විද්‍යුත් සොකට් භාවිතයට හැකියාව, WIFI සම්බන්ධතාව මගින් ව්‍යාපාර පංතියේ ගුවන් මගීන් සඳහා පුද්ගලිකත්වය සහ සුවපහසුව එක් වූ ගමනක ආශ්වාදය අත්විඳගැනීමේ අවස්ථා මෙමගින් උදා වී තිබේ.
.
“2018 ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය” යන මැයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා දෙවැනි සම්මානය හිමිවූ අතර දකුණු ආසියාවේ සහ ඉන්දියානු සාගර කලාපීය වෙළෙඳපොලවල් හි ගුවන් සේවය ස්ථාවර ලෙස ස්ථාපිත වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි කරනු ලබයි. න ගමනාන්ත හදුන්වා දෙමින් ජාතික ගුවන් සේවය ප්‍රසිද්ධ ගමනාන්ත වෙත ගුවන් මගී ඉල්ලුම මත ගුවන් ගමන් ධාරිතාව වැඩි කර ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ “ මෙම කලාපය තුළ අල ගුවන් සේවා මෙහෙයුම් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් අඛණ්ඩව අවස්ථා ගවේශනය කිරීමට අප කටයුතු කර සිටින බවත් ගුවන් මගීන්ට පුළුල් පරාසයක වූ තේරීම් රැසක් සමගින් පහසු ගුවන් සබඳතා පැවැත්වීමටත් ගුවන් සමාගම සිය ප්රයන්තයන් දියත් කර ඇති බවයි.
ජාත්‍යන්තර ගුවන් සේවයක් වශයෙන් ඉන්දියාවේ වැඩිම ගමනාන්ත රැසකට එනම් ගමනාන්ත 14 ට මෙහෙයුම් සිදුකරන ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශක්තිමත් ස්ථාවරත්වය මෙම සම්මානය තුළින් කැපී පෙනේ. ගුවන් සමාගම අනෙකුත් ගමනාන්ත වන ඩකා, කරච්චි, ලාහෝර් වෙත ද සිය ගුවන් ගමන් සිදුකරනු ලබයි. එසේම ශ්‍රීලංකන් ගැන් දිවයින වෙත සිදුකරන ගුවන් ගමන් තුළින් ජාත්‍යන්තර ගුවන් සේවයක් වශයෙන් මාලදිවයිනේ ගමනාන්ත 2 ට මෙහෙයුම් සිදුකරන එකම ගුවන් සේවය බවට ශ්‍රීලංකන් පත්ව තිබේ.
ලෝක වෙළෙඳ සංචාරක සම්මාන උළෙල සඳහා සංචාර සහ සංචරණ වෘත්තීයවේදීන් ,ලොව පුරා සිටින ව්‍යාපාර සහ විනෝද සංචාර පාර්භෝගිකයන් සිය ඡන්දය ලබාදෙන අතර පසුගිය මාස 12 තුළ ආයතන මගින් ලබාදී ඇති විශිෂ්ටත්වය සහ කැපවීම මෙම සම්මාන තුළින් ඇගයීමට ලක් කෙරේ.
මේ වසරේ දී ආසියාව සහ ඕස්ට්රලේෂියාවේ ලොව ප්රමුඛ ප්‍රභූවරුන් සහ ආයතන එකම ස්ථානයක හමුවන ලොව විශිෂ්ටතම සංචාරක සහ සංචරණ උත්සවය වන්නේ 2018 ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලයි. 2018 ලෝක සංචාරක සම්මාන විශිෂ්ට සංචාරයේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ගරුත්වයට ලක්කරන (World Travel Awards Grand Tour 2018) තුන්වැනි අවස්ථාව ද එහි 25 වන සංවත්සරය ද මෙම සම්මාන උළෙල තුළින් සනිටුහන් වී ඇත.
ඡායාරූපය - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හොංකොං කළමනාකරු ප්‍රදීප් දුරේරාජ් මහතා (මැද) WTA නිලධාරීන් සමඟ සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසු
Video Story