2018 ජූනි මාසයේ ඩොලර් මිලියන 434.53 කින් දී සංචිත වැඩි වුණේ මෙහෙමයි

    July, 10, 2018

    2018 ජූනි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 9,247.45 ක් දක්වා ඩොලර් මිලියන 434.53 කින් ඉහළ ගොස් ත්බේ.

    මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදේශ විනිමය සංචිතය පසුගිය මැයි මස අවසානයේ දී පැවති ඩොලර් මිලියන 7,904.85 සිට ඩොලර් මිලියන 8,377.22 ක් දක්වා ඩොලර් මිලියන 472.37 කින් වර්ධනය වීමයි.

    මෙම ජූනි මාසය තුළ දී මහ බැංකුවේ රන් සංචිතය ඩොලර් මිලියන 33.33 කින් පහළ ගොස් තිබේ. 2018 මැයි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 833.31 ක්වූ එම අගය ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 799.98 ක් ලෙසින් සටහන් විය.

    පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශකයන් පිළිබඳ නවතම ප්‍රකාශනයේ මේ සමබන්ධයෙන් වූ සටහනකි.