2018 දී කොළඹ කොටස් 5% කින් පසු බසී

    January, 1, 2019

    2018 වසර තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 4.98% ක පහළ යාමක් වාර්තා කර තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,598.73 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (31) දින ගනුදෙනු අවසානයේ දී සිටහන් වූයේ ඒකක 6,052.37 ක් ලෙසිනි.

    මේ අතර 2018 වසර පුරාවට විදෙස් ආයෝජකයින් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ සිය ආයෝජන ඉවත් කර ගැනීමේ තත්ත්වයක් වාර්තා වූ අතර වසර තුළ රුපියල් බිලියන 22.8 ක ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා වී තිබේ.

    2018 වසර තුළ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 834 ක් ලෙසින් වාර්තා වී ඇත.