2018 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.2 කින් ඉහළට

    June, 19, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 පළමු කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවතින මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු නිකුත් කොට ඇත.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි 2018 පළමු කාර්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.2කි. මෙම වසරේ පළමු කාර්තුව සඳහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,223,856 කි. තවද පසුගිය වසරේ පළමු කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,154,971 ක් විය.

    ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ බදු 20118 වර්ෂයේ පළමු කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙලින් සියයට 7.0 ක් සියයට 30.4 ක්, සියයට 53.6 ක් සහ සියයට 8.9 ක් ලෙස වාර්තා වේ.