September, 3, 2018
2018 වසරේ අගෝස්තු 31 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,080.26 ක් ලෙසින් වාර්තා විය. එය වසර ආරම්භයේ සියලු කොටස් මිල දර්ශක අගය වූ ඒකක 6,369.26 හා සැසඳීමේ දී 4.54% ක කඩා වැටීමක් ලෙසින් සටහන් වේ.
මේ අතර S&P SL20 දර්ශකය, සියලු කොටස් මිල දර්ශකයට වඩා වැඩි වේගයකින් මෙම වකවානුව තුළ දී පහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී එහි අගය ඒකක 3,671.72 ක් ලෙසින් සටහන් වූ අතර, 2018 අගෝස්තු 31 දින වන විට එය දැක්වුණේ ඒකක 3,229.21 ක් ලෙසිනි. මේ අනුව 12.05% කින් S&P SL20 දර්ශකය වසරේ මුල් මාස 08 තුළ දී පහළ ගොස් ඇත.
වසරේ මේ දක්වා දෛනික සාමාන්‍ය පිරිවැටුම රු. මිලියන 813.3 කි ලෙසින් වාර්තා වේ.
මේ අතර 2018 වසරේ මුල් භාගය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශ ආයෝජන, එක්සත් ජනපද ඩොලර් මිලියන 53 ක ශුද්ධ ලැබීමක් වාර්තා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා අනාවරණය කළේය.
Video Story