2018 මේ දක්වා ඩොලරය ඉදිරියේ 5% කින් රුපියල බාල්දු වෙලා

    August, 27, 2018

    2018 වසරේ අගෝස්තු 27 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 5.0 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවකින් පෙන්වා දේ.

    තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල් යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපෙක්ෂව අතිප්‍රමාණය වී තිබේ.

    අද දින වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 159.1059 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 162.3064 ක් ලෙසින් සටහන් විය. අද දින නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 160.8731 කි.

    පහත දැක්වෙන්නේ වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හැසිරී ඇති ආකාරයයි.