May, 7, 2019
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 හතරවන කාර්තුව (ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර්)
ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.
රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -
ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2018 ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව මෙම කාර්තුව තුළදී සමස්තයක් ලෙස 2018 තුන්වන කාර්තුවට සාපේක්ෂව අඩුවී තිබෙන බවයි. මේ අනුව, 2018 ඔක්තෝම්බර් මාසයේදී මෙම අපේක්ෂාව වැඩිවූ නමුත් පසුව නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී ක්‍රම ක්‍රමයෙන් මෙම අපේක්ෂාව අඩුවිය. මේ අනුව, සමස්තයක් ලෙස ගත්විට මෙම අපේක්ෂාව 2018 හතරවන කාර්තුව තුළදී 2018 තුන්වන කාර්තුවට වඩා පහළ අගයක පැවතුණි.
විශේෂයෙන්ම 2018 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ අනපේක්ෂිත දේශපාලන පරිවර්තනය නිසා ඇතිවූ අස්ථාවර ස්වභාවය මෙම අපේක්ෂාව නොවැම්බර් මාසයේ සිට පහළ යෑමට හේතුවක් වන්නට පුළුවන් අතර මෙම කාලයේදී විදේශ විනිමයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම සිදුවිය.
එසේම, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණද මෙම කාලයේදී මන්දගාමී වූ අතර ජාත්‍යන්තර පොලී අනුපාත ඉහළ යාම සහ දේශපාලන අස්ථාවරත්වය හමුවේ රජයේ සුරැකුම්පත් වෙළඳපොළින් සහ කොටස් වෙළඳ පොළින් විදේශ ආයෝජන පිටතට ඇදී ගියේය.
වර්තමානය වනවිට රුපියල අවප්‍රමාණය වීම මන්දගාමී වී තිබුණද 2018 නොවැම්බර් 13 දක්වා කාලය තුළදී ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 12.9% කින් අවප්‍රමාණය විය. එසේම 2018 දෙසැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 13% කින් පහළ ගියබව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව සමස්තයක් ලෙස 2018 හතරවන කාර්තුව තුළදී (ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර්) 2018 තුන්වන කාර්තුවට සාපේක්ෂව පහළ ගිය ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

ඉතිරි කිරීමට තිබෙන හැකියාව
ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද 2018 හතරවන කාර්තුව (ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර්) තුළදී සමස්තයක් ලෙස 2018 තුන්වන කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් තිබේ. (02 වන ප්‍රස්ථාරය බලන්න)

මෙහිදී, පෙනී යන්නේ මෙම අපේක්ෂාව ඔක්තෝම්බර් මාසයේදී ඉහළ ගොස් පසුව ක්‍රමයෙන් අඩුවී තිබෙන බවයි.
දූෂණය අඩුවන බලාපොරොත්තු
සමස්තයක් ලෙස 2018 තුන්වන කාර්තුව තුළදී දූෂණය අඩුවන බලාපොරොත්තුව ඉහළ ගොස් තිබූ නමුත් එය 2018 හතරවන කාර්තුවේදී අඛණ්ඩවම පහළ ගොස් තිබේ. මෙරට පැවති දේශපාලන අස්ථාවරත්වය මේ සඳහා විශාල වශයෙන් බලපාන්නට ඇත.

ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.
Video Story