July, 3, 2018
1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව 2019 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය ජූනි 28 දා නිකුත් කරන ලදී.
මෙම 2019 නිවාඩු ලේඛනයට අනුව ප්‍රධාන පෙළේ නිවාඩු දින බොහෝමයක්, සති අන්තයට යෙදී තිබීම විශේෂත්වයකි.
2019 දුරුතු පුර පසළොස්වක පොහොය දිනය ජනවාරි 20 ඉරිදා දිනට යෙදී තිබේ.
මෙහිදී වැදගත්ම කරුණ නම් සිංහල හා දෙමළ අලුත් අවුරුදු යෙදෙන අප්‍රේල් 13 හා 14 දින දෙක, සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වීමයි.
එමෙන්ම වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හා ඊට පසු දිනය වන මැයි 18 හා 19 දෙදින ද සෙනසුරාදා සහ ඉරිදා දිනයන් ලෙසින් සටහන් වේ.
මීට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන ඔක්තෝබර් 13 සහ දීපවාලි උත්සව සිනය යෙදෙන ඔක්තෝබර් 27 දා ඉරිදා දිනයන් ලෙසින් සටහන්ව ඇත.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය හා වෙසක් පොහොයට පසු දිනය, ව්‍යවස්ථාපිත නිවාඩු ලෙසින් සැලකෙන බැවින් අදාළ දින දෙකට එළඹෙන සතිය තුළ දී නිවාඩු ලබා ගැනීමේ හැකියාවක් පෞද්ගලික අංශයට තිබේ.
කෙසේ වෙතත් එවැනි ව්‍යතිරේකයක් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් සඳහන්ව නැත.
පහතින් දැක්වෙන්නේ අදාළ ගැසට් නිවේදනයයි.


Video Story