May, 17, 2020
සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත ආදායම 2019 වසරේ දී රුපියල් බිලියන 259 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර වසරේ උපයන ලද සමස්ත ආයෝජන ආදායම හා සැසඳීමේ දී සියයට 16.5ක වර්ධනයක් පෙන්නුම් කරයි. පොලී ආදායම අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවය විය.
2019 වසරේ පොලී ආදායම රුපියල් බිලියන 254.7 ක්වු අතර, එය 2018 වසරේ දී උපයන ලද රුපියල් බිලියන 229.4 හා සැසඳීමේ දී සියයට 11ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී.
ව්‍යාපාර කොටස්වල ආයෝජනය කිරීම තුළින් ලැබූ ලාභාංශ ලෙස රුපියල් මිලියන 6,247.5 ක් 2019 වසර තුළ දී උපයන ලද අතර, එය 2018 වසරේ දී ආදායම වූ රුපියල් මිලියන 3,887.6 සමඟ සැසඳීමේ දී සියයට 60.7 ක වර්ධනයකි.
තවද, 2019 දී ද්වීතියික වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිලට ගැනීම නැවත ආරම්භ කරන ලදී.
සමස්තයක් ලෙස, අරමුදලේ ඉපැයුම් අනුපාතිකය 2019 වසරේ දී සියයට 10.7 ක්වූ අතර එය 2018 වසරේ දී සියයට 10.4 කි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.
Video Story