2019 දී අලුත් අවුරුද්ද, වෙසක් පෝය ඉරිදා නිසා අතිරේක බැංකු නිවාඩු දින 3ක් ගැසට් කරයි

    August, 27, 2018

    2019 වසර සඳහා අතිරේක බැංකු නිවාඩු දින තුනක් ප්‍රකාශයට පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පියවර ගෙන තිබේ.

    මේ අනුව 2019 වසරේ අප්‍රේල් 15, මැයි 20 හා නොවැම්බර් 11 යන සඳුදා දිනයන් බැංකු නිවාඩු දින ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

    2019 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය අප්‍රේල් 14 දින ඉරිදා දිනයක් වන අතර, වෙසක් පුර පසළොස්වක දිනය යෙදෙන මැයි 19 ද ඉරිදා දිනයකි.

    මීට අමතරව නබි නායකතුමාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 10 ද ඉරිදා දිනයකි.

    මේ අනුව ඉහත නිවාඩු දිනයන් ඉරිදාවන්ට යෙදී ඇති බැවින් එම දිනවලට පසුව එළඹෙන සඳුදාවන් බැංකු නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    2019 වසරේ නිවාඩු දින ගැසට් පත්‍රය පහත දැක්වෙන අතර ඊට පහළින් දැක්වෙන්නේ අතිරේක බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයයි.