2019 දී ආර්ථික වර්ධනය 3.3% සිට 2.3% දක්වා පහළට

    April, 29, 2020

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ ද.දේ.නි.යේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව‍, ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසරේ දී වාර්තා කළ සියයට 3.3ක වර්ධනයට සාපේක්ෂව 2019 වසරේදී සියයට 2.3ක අඩු වර්ධනයක් වාර්තා කළේය. ආර්ථිකයේ සියලුම ප්‍රධාන අංශ ධනාත්මක නමුත් අඩු වර්ධන වේගයක් වාර්තා කළේය.

    වියදම් ප්‍රවේශය මත පදනම් වූ ද.දේ.නි.යේ ඇස්තමේන්තුවලට අනුව‍, පරිභෝජන වියදම් ඉහළ යෑම සහ විදේශීය අංශයේ භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය වර්ධනය වීම 2019 වසරේ ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වන අතර එහි වැඩිදුරටත් කියැවෙන්නේ මැදි කාලීනව ආර්ථික වර්ධනය එහි විභව මට්ටමට ළඟා වීමට පෙර මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2020 වසරේ දී සියයට 1.5ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි.

    සබැඳි පුවත්,

    ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම

    මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව එළිදකී