2019 දී රුපියල වැඩ පෙන්වයි

    April, 9, 2019

    ශ්‍රී ලංකා රුපියල, 2019 වසරේ අප්‍රේල් 08 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 4.5% කින් අධිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. ඊයේ (08) දින වන විට එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම දැක්වුණේ රු. 174.8440 ක් වශයෙනි.

    මේ අතර අද (09) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.6206 ක් හා විකුණුම් මිල රු. 176.4647 ක් ලෙසින් වාර්තා විය.

    2018 වසර තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 16.4% කින් අවප්‍රමාණය වී තිබුණු පසුබිමක දී, මෙයාකාරයෙන් මෙම වසර තුළ දී රුපියලේ අගය ක්‍රමිකව ඉහළ යාම විශේෂ සිදුවීමක් වශයෙන් දැක්විය හැකිය.

    එසේම බ්‍රිතාන්‍ය පවුම (1.6%), යූරෝ (6.5%), ජපාන යෙන් (5.5%) හා ඉන්දියානු රුපියල (3.4%) යන විදේශ විනිමයන්ට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල 2019 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී කැපී පෙනන වර්ධනයක් වාර්තා කර තිබේ.