January, 7, 2020
පසුගිය 2019 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,913,702 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.
මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු අඩපණ වූ මෙරට සංචාරක කර්මාන්තය යළිත් වරක් සුපුරුදු තත්ත්වයට පැමිණීම පෙන්නුම් කරමින් 2019 දෙසැම්බර් මාසයේ දී 241,663 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබේ.
සමස්තයක් වශයෙන් ගත් කල, 2019 වසරේ පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2018 වසරේ දී පැමිණි 2,333,796 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී 18% ක පහළ යාමකි.
කෙසේ වෙතත් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවත් සමඟ 2019 මැයි මාසයේ දී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 70% කින් පහළ ගිය සංචාරක පැමිණීම 2019 දෙසැම්බර් මාසය වන විට 4.5% ක් දක්වා අඩුවීම ඉතා හොඳ ලක්ෂණයකි.
2019 වසරේ දී වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි රටවල් සැලකීමේ දී ඉන්දියාව 355,002 ක්, එක්සත් රාජධානිය 198,776 ක්, චීනය 167,863 ක්, ජර්මනිය 134,899 ක් හා ඕස්ට්‍රේලියාව 92,674 ක් පරිදි මුල් ස්ථානවල රැදී සිටී.


Video Story