March, 22, 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්‍රධාන වශයෙන් ම පදනම් බලපෑම හේතුවෙන් 2019 ජනවාරි මාසයේ පැවති සියයට 1.2 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 2.4 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 6.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට -4.8 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට -2.9 දක්වා ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 1.8 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 1.7 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.
2019 පෙබරවාරි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස්වීම -0.5 ක් විය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් පහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එළවළු, අමු මිරිස්, සහල්, පොල්, දෙහි, ලොකු ලූණු සහ කෙසෙල් මිල ගණන් සැලකිය යුතු පහළ යෑම් වාර්තා කළේය.
කෙසේ වුවද, මාසික පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිලගණන් ඉහළ ගිය අතර, අධ්‍යාපන උපකාණ්ඩය වැඩිම ඉහළ යෑම වාර්තා කළේය. තවද, සෞඛ්‍ය, ප්‍රවාහන, මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ, නිවාස, ජලය, ගෑස් සහ වෙනත් ඉන්ධන උඵකාණ්ඩයන් හි ද මිල ගණන්වල ඉහළ යෑමක් වාර්තා විය.
ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පි.මි. දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 5.1 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 5.5 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ද 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 2.7 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 3.0 ක් දක්වා ඉහළ ගියේය.
Video Story