2020 ජනවාරි – අගෝස්තු කාලයේ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වියදම 15%කින් ඉහළට

    November, 19, 2020

    2020 වසරේ පළමු මාස අට තුළදී රජයේ වියදම් රු. බිලියන 1,882.7 ක් වූ අතර එයින් රු. බිලියන 1,670.4 ක් පුනරාවර්තන වියදම් සහ රු. බිලියන 231.3 ක් මූලධන හා ශුද්ධ ණය ගැනීම් සඳහා විය.

    පළාත් සභා සේවකයින් ද ඇතුළුව රජයේ සේවකයින්ගේ පුද්ගල පඩිනඩි සඳහා වන මුළු වියදම 2019 වසරේ සමාන කාලපරිච්ඡේද තුළදී, වු රු. බිලියන 446.4 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස අට තුළ දී රු. බිලියන 516.3 දක්වා සියයට 15.7 කින් වැඩි විය.

    2019 වසරේ දී සමාන කාලපරිච්ඡේදය තුළදී පැවති පළාත් සභාවල වැටුප් සඳහා මධ්‍යම රජය විසින් ලබාදුන් දායකත්වය වු රු. බිලියන 115.9 ට සාපේක්ෂව, 2020 වසරේ පළමු මාස අට තුළ දී රු. බිලියන 153.8 දක්වා සියයට 32.6 කින් වැඩි විය.

    විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා දරන ලද වියදම 2019 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී වූ රු. බිලියන 143.5 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස අට තුළ දී රු. බිලියන 160.1 ක් දක්වා සියයට 11.5 කින් වැඩි විය.

    2020-21 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.