August, 26, 2020
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2020 අගෝස්තු මාසයට නියමිත අවසන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද (26) දින පවත්වන ලදී. එහිදී රුපියල් මිලියන 40,000 ක වටිනාකමකින් යුතු බිල්පත් දින 91 (8,105), දින 182 (20,895) හා දින 364 (11,000) යන පරිණත කාල කාණ්ඩයන් තුන යටතේ නිකුත් කර තිබේ. අද දින නිකුත් කරන ලද මුළු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රු. මිලියන 40,000 කි.
මේ අනුව 2020 අගෝස්තු මාසය තුළ දී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති සමස්ත භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රු. මිලියන 141,210 ක් වේ. ඒ පහත පරිදිය.
2020 අගෝස්තු 05 - රු. මිලියන 24,710
2020 අගෝස්තු 12 - රු. මිලියල 36,500
2020 අගෝස්තු 19 - රු. මිලියන 40,000
2020 අගෝස්තු 26 - රු. මිලියන 40,000
මේ අතර අද (26) දින වෙන්දේසියේ දී පොළී අනුපාතික ද සුවිශේෂී ලෙස පහළ ගොස් තිබේ. ඒ දින 91 - 4.56%, දින 182 - 4.68% ක් හා දින 364 - 4.89% ක් පරිද්දෙනි. වාර්තාවන අන්දමට පසුගිය දශක 3 ක කාලයක් තුළ, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක දී නියම වූ අඩුම පොළී අනුපාතික අද දින වාර්තා වී තිබේ.
2020 අගෝස්තු 19 දින වන විට භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් ගෙවිය යුතු මුළු හිඟ ප්‍රමාණය රු. මිලියන 1,141,347.88 ක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික ක්‍රියාකාරීත්ව සටහනෙහි දක්වා තිබුණි.
2019 වසර අවසාන වන විට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණයෙන් රු. බිලියන 873.9 ක් භාණ්ඩාගාර බිල්පත්වලින් සමන්විත වූ අතර එය 2020 මැයි මාසය අවසන් වන විට රු. බිලියන 1,135.4ක් දක්වා 30%කින් වර්ධනය වී ඇත.

Video Story