2020 අයවැය කල්යයි. මුල් මාස 04ට අතුරු සම්මත ගිණුමක්

    August, 15, 2019

    2019 වර්ෂය අවසාන භාගයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට යෙදී ඇති බැවින්, ඉන් පසු ව පත් වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව හා රජයේ නව ප්‍රතිපත්ති මූලික කර ගනිමින් 2020 සඳහා අයවැය සකස් කිරීමට හැකි වන පරිදි, 2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා 2020 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.