July, 2, 2020
සමාජ සුභ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක්කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් බාර ගැනීම අරඹා තිබේ.
මෙම ජුලි මස 31 දා දක්වා අයදුම්පත් බාර ගැනීම සිදු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ දසවන වතාවට වන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.
රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය, සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ අයදුම්පත් බාර ගැනේ.
මෙම සම්මාන ප්‍රදානයට පාත්‍රවන නිර්මාණකරුවන්ට අන්තර්ජාතික විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.
ඩිජිටල් ශ්‍රී ලංකාවක් සදහා වු ඉදිරි දැක්ම යථාර්තයක් කර ගැනීම මෙහි ජාතික අරමුණයි. ඒ සදහා මානව සම්පත සුදානම් කර ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මේ සදහා ඉදිරිපත් කෙරෙන නිර්මාණ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් විනිශ්චය කෙරේ. www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 112369099 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිවිස්තර ලබා ගත හැකිය.
Video Story