2020 දී ඩොලර් බිලියන 25ක අපනයන ආදයමක්

    December, 2, 2016

    ඉදිරි වසර තුන තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 62ක ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් වසර 2020 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක අපනයන ආදයමක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (02) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

    පහුගිය කාලයේ හාල් ආනයනය කර තිබෙනවා. මේ ගැන විරුද්ධ පක්ෂයේ ඉන්නකොට කතා කළා. වී ගිනි තිබ්බා.එදා වී විකුණාගන්න බැරුව වී ගිණි තිබ්බා. මෙවැනි වාතාවරනයක් තිබුණා. ඒවා අමතක වෙලා.

    පොහොරවලට සහනධාරය ලබාදීම හොඳයි කියලා පිළිගෙන තිබෙනවා. අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙන්නේ සේවක වැටුප් ගෙවන්න ගත්ත ණය වල පොළී ගෙවන්නයි. ඉතිරි මුදල වියදම් කරන්න වෙන්නේ.

    වියදම වැඩි කරන්නේ නැතිව, අපේ ආදායම වැඩි කරන්නේ කොහොමද යන්න බැලිය යුතුයි. අපනයනය 37% තිබුණ එක 14%ට පහළ බැස්සා. අපි එය වැඩි කරගන්න බලන්න ඕන. අපි සැලසුම් කර තිබෙනවා, ප්‍රධන නිෂ්පාදන වන ඇගළුම් සියයට 41%ක් ආදායමක් ලබාගන්න හැකි වී තිබෙනවා. අපි ශ්‍රී ලංකා තේ කියන නාමය ලෝකයට හඳුන්වා දිය යුතුයි. අපේ රටේ තේ හොඳයි කිව්වේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. එය නැවත අපි අත් පත් කරගන්න ඕනෑ. පොල් කර්මාන්තය අපිට ඩොලර් මිලියන 2700දක්වා යන්න ඕන. ඩොලර් මිලියන 1200කට කුළු බඩු ආදායම වසර 2020දී ගෙන්න බලාපොරොත්තු වෙනවා.මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.

    ඉදිරි වසර තුන තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 62ක ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අයවැයෙන් බලාපොරොත්තු වෙන්නේ පහසුකම් ඇති කරන්නයි. ලක්ෂ දහයක් තිබෙනවා නම් අඩු පොළියට ව්‍යාපෘතියක් පටන් ගන්න පුළුවන්. ව්‍යාපෘතිය හොඳ නම් බැංකුවෙන් ණය ගන්න පුළුවන්. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අපට ආවශ්‍ය වන්නේ, 2020 දී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 25කට ගෙන ඒමටයි. අද රජය විශාල මුදලක් වියදම් කරනාවා. සමහර හතර වෙනකොට ගෙදර යන්න හදන්නේ. පුද්ගල අංශයේ පුහුණු සේවක පුරප්පාඩුවක් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.