July, 21, 2020
2020 පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව 2020 මුල් කාර්තුව තුළ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 5.7% ක් ලෙසින් වාර්තා වී තිබේ.
2019 පළමු කාර්තුවේ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 4.7% ක් ලෙසින් සටහන්ව ඇති අතර මේ අනුව වසරක කාලපරිච්ඡේදයක් තුළ දී විරැකියාව 1% කින් ඉහළ ගොස් ඇත. තවද 2018 පළමු කාර්තුවේ දී 52.6% ක් ලෙසින් වාර්තා වූ ශ්‍රම බලකා දායකත්ව අනුපාතිකය 2020 පළමු කාර්තුව තුළ දී 51% ක් දක්වා අඩු වී තිබේ.
මේ අතර පිරිමින්ගෙන් 3.7% ක් හා කාන්තාවන්ගෙන් 9.6% ක් විරැකියාවෙන් පසුවන අතර අපොස උසස් පෙළ සමතුන්ගෙන් 10.1% කට රැකියා නොමැති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ. මෙහි ඇති විශේෂත්වය නම් අපොස සාමාන්‍ය පෙළට වඩා පහළ අධ්‍යාපන මට්ටමක් ඇති පුද්ගලයින් අතර විරැකියා අනුපාතිකය 3.4% ක් ලෙසින් සටහන්ව තිබීමයි.

Video Story