2020 ශ්‍රී ලංකා ටෙලිකොම් දින දර්ශනය සමඟින් දායාද කෙරෙන ලෝක චිත‍්‍ර කලා ඉතිහාසයෙන් බිඳක්…

    December, 5, 2019

    සියවසකට අධික කාලයක් පුරා ශ‍්‍රී ලාංකිකයන් සමග රැුඳෙමින්, නවීන ලෝකයේ තාක්ෂණය හා මුසුවූ ජීවන රටාව මෙරටට යා කිරීමට ඇපකැපවී කටයුතු කරන ශ්‍රී ලංකා ටෙලිකොම් යනු හෙළයේ මහා සන්නිවේදන පෙරගමන්කරුවාය. තම සේවා මෙන්ම සමාජ සත්කාරක කටයුතු වලදීද ආවේනික අපූර්වත්වයකින් එ්වා සිදුකරන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, සිය වාර්ෂික දින දසුන නිර්මානය කිරීමේදීද එම ස්වභාවය රඳවාගනුයේ සෑම වසරකම නිශ්චිත තේමාවක් ඔස්සේ අගනා කරුණු එළිදැක්වෙන සේ එය නිර්මානය කරමිනි. එ් ආවේනික අපූර්වත්වය නොඅඩුව ගැබ්ව ඇති, එළඹෙන නව වසර, එනම් 2020 සඳහා SLT විසින් නිර්මාණය කොට ඇති දර්ශනීය කැලැන්ඩරය පසුගිය දින එළි දැක්වුණි. මෙවර එහි තේමාව චිත‍්‍ර කලාවේ ආඛ්‍යානයි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, විදුලි සන්දේශන කේෂ්ත‍්‍රයේ ජාතික සැපයුම්කරු ලෙස මෙම අවස්ථාවේ දී තම දායකත්වය එකී අති විශේෂී කලා මාධ්‍යයේ ප‍්‍රගමනයට උර දීමට සැරසෙයි. වසර 15 ක් මුළුල්ලේ වාර්ෂික දින දර්ශන එළි දැක්වීමේ දී මෙරට සංස්කෘතියෙහි වටිනාකම, විචිත‍්‍රත්වය මෙන් ම අභිමානය සියලූ ශ්‍රී ලාංකික ජනතාව වෙත රැුගෙන ගොස් අති බවට අතීත දින දර්ශන සාක්ෂි දරයි. එකී උදාර මෙහෙවරෙහි තවත් එක් පියවරක් ලෙස 2020 ශ්‍රී ලංකා ටෙලිකොම් දින දර්ශනය සඳහා තේමා කොට ගෙන ඇත්තේ ”සිතුවම් කලාවේ ආඛ්‍යානය”යි. අතීත චිත‍්‍ර කලාවේ ඓතිහාසික පසුබිම සහ එහි පරිණාමනය හෙළිදරව් කරන්නා වූ සෞන්දර්යාත්මක ගුණයෙන් අනූන සිතුවම් පෙළක් තුළින් ඉදිරි වසර පුරාවටම ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන්ගේ සිත් සතන් අමන්දානන්දය පත් කරන්නට හැකි වීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අත්පත් කර ගන්නා වූ ගෞරවයක් වනවා පමණක් නොව එම`ගිින් අනාගත පරම්පරාවන් වලට නවමු මානයන් සොයා යෑමට පිටිවහලක් ද සපයනු ඇත.

    සිත්තම් කිරීම යනු මානව ඉතිහාසය තුළ හඳුනාගෙන ඇති උත්කෘෂ්ටතම හැ`ගීම් ප‍්‍රකාශන මාධ්‍යයි. කලානුරූපව ගොඩ නැගුණු සමෘද්ධිමත් ශිෂ්ටාචාරයන් තුළ දිනෙන් දින වඩා වර්ධයන වූ චිත‍්‍ර කලාව එකිනෙකට වෙනස් වූ ශිල්ප ක‍්‍රම සහ කලා ආකෘති අනුසාරයෙන් අඛණ්ඩව පැවත ගෙන එයි. හෘදයාංගම වූත් විශිෂ්ට ප‍්‍රතිභාවන්ගෙන් සමන්විත වූත් සිත්තරුන් හා නිර්මාපකයින් තම තමන්ගේ ස්වාධීන කලා ප‍්‍රකාශනයන් ස`දහා යොදා ගත් මාධ්‍ය බොහොමයකි. දිය සායම්, තෙල් සායම්, පැස්ටල්, ඇක‍්‍රලික්, කොලාජ්, පැන්සල් සහ ඩිජිටල් මාධ්‍ය යනු ඉන් සමහරක් පමණි. නිර්මාණකරුවන්ගේ ශක්‍යතා හා පෑහෙමින් නව න්‍යායන් ඉදිරිපත් කරමින් විකාශනය වී ඇති චිත‍්‍ර කලාව ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ගෙතී ආ ගෙත්තමේ එක් එක් පුරුක් වෙයි. එවන් වූ කලා මාධ්‍යයක ඇති වටිනාකම සදාතනිකය.

    ශ්‍රී ලංකාව තුළ අනුපමේය මෙහෙවරක් ඉටු කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ම`ගින්, දක්ෂතා සපිරි නැ`ගී එන නව නිර්මාණකරුන් වන අසිත අමරකෝන්, චතුරංග ගමගේ, ගයත‍්‍රි අධිකාරි, ලකීෂා ප‍්‍රනාන්දු, මනෝහරී හේවගේ, මෙවන් ෆොන්සේකා, පුලස්ති එදිරිවීර, රවීන්ද්‍ර රත්නසිරි සහ ස`දමාලි කමල්චන්ද්‍ර අයගේ නිර්මාණ ශ්‍රී ලංකා ටෙලිකොම් 2020 දින දර්ශනය හරහා සමාජ ගත කිරීමට ලැබීම පිළිබ`දව ඉමහත් ප‍්‍රමෝදයට පත් වන්නක් බව ද කිව මනා ය.

    2020 දින දර්ශනය එළි දක්වන උත්සවය ස`දහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, අධ්‍යයන ක්ෂේත‍්‍රයේ විද්වතුන් කිහිප පළක් සහ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් මෙම උත්කර්ශවත් අවස්ථාවට සහභාගි වූහ.