2021 දී පොල් ගෙඩි මිලියන 250 හිඟයක්. පොල් මද ආනයනයට පියවර

    January, 12, 2021

    පොල් මද ආශ්‍රිත කර්මාන්ත සඳහා දේශීය පොල් නිෂ්පාදන සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් කොන්දේසිවලට යටත්ව, පොල් මද ආනයනය කිරීම සඳහා 2017 දෙසැම්බර් මස 12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මාස 08ක කාලසීමාවක් තුළ පොල් මද මෙට්‍රික්ටොන් 2,542ක් ආනයනය කර තිබේ.
    මෙම වර්ෂය සඳහා පොල් ගෙඩි මිලියන 250ක පමණ හිඟයක් පැවතිය හැකි බවට ඇස්තමේන්තු කර ඇත. එබැවින්, අඛණ්ඩව මාස 04ක් තුළ ද්වි මාසික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 400කට වඩා අඩුව පැවතුනහොත් මීට පෙර අවස්ථාවේදී අදාළ කරගත් කොන්දේසි යටතේම දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත සඳහා පොල් මද ආනයනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා වැවිලි අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී