February, 2, 2022
2022 වසර ජයග‍්‍රාහී ලෙස ආරම්භ කරමින් ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල්, 2021 වසරේ CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෞඛ්‍ය සේවා අංශය තුළ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. තවද සමස්ත ඒකාබද්ධ වාර්තාකරණ පරිචයන් සඳහා කුසලතා සම්මානයක් ද හිමිකර ගැනීමට සමත් විය.
ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ^CMA& විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය අඛණ්ඩව අටවැනි වරටත් පවත්වනු ලැබුවේ ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොකළ ශ‍්‍රී ලාංකික සමාගම් මෙන්ම රජය සතු සමාගම් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඒකාබද්ධ වාර්තාකරණය වෙත යොමු කරවමින් ඒ තුළින් ආයෝජකයින් සහ පාර්ශවකරුවන් වෙත වාසි සලසා දීමේ අරමුණෙනි.
CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී මෙම ඇගයීමට පාත‍්‍ර වීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. එය වසර ගණනාවක් තිස්සේ ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණයේ ඉහළම ප‍්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් අප කළා වූ දැඩි කැපවීම පිළිබඳ සාක්ෂියකි. අපගේ සියලූම පාර්ශ්වකරුවන් සමඟ ඉහළම මට්ටමේ විනිවිදභාවය, විශ්වාසය සහ සමාජ වගකීම පවත්වාගෙන යාමේ දී මෙම ඒකාබද්ධ වාර්තාකරණය සෞඛ්‍ය සේවා ආයතන වලට වඩාත් වැදගත් වේ. COVID-19 වසංගතය මඟින් මූල්‍ය සහ මූල්‍ය නොවන යන දෙඅංශයෙන්ම සෞඛ්‍ය සේවා මෙහෙයුම් හි විනිවිදභාවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය දැඩි ලෙස ඉස්මතු කරන ලදි.
”ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව ඵලදායී, ඉහළම මූල්‍ය වාර්තාකරණ පරිචයන් උපයෝගී කරගනිමින් මෙවැනි සුවිශේෂී වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපගේ කණ්ඩායමට මම ස්තූතිවන්ත වන අතර ඉදිරි කටයුතු වෙනුවෙන් සුබ පතනවා. ඉදිරි වසර සඳහා තොරතුරු සහිත මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ප‍්‍රමිතීන් වාර්තා කිරීමට අපගේ උත්සාහය අඛණ්ඩවම ඉදිරියට කරගෙන යනවා.” යනුවෙන් නවලෝක රෝහල් සභාපති ජයන්ත ධර්මදාස මහතා සිය සංකල්පය පිළිබඳව පැහැදිලි කළේය.
2013 දෙසැම්බර් මස නිකුත් කරන ලද ජාත්‍යන්තර
නවලෝක රෝහලේ තම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව සඳහා ස්වේච්ඡුාවෙන්ම ජාත්‍යන්තර

Video Story