• Ada Derana BIZ Sinhala
  • Government revenue
  • sri lanka

2022 මුල් මාස 06 දී රජයේ ආදායම රු. බිලියන 919 යි. වියදම රු. බිලියන 1,800 ඉක්මවයි

September, 19, 2022

2022 වසරේ මුල් මාස 06 තුළ දී රජයේ ආදායම රු. බිලියන 919.5 ක බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය 2021 වසරේ මුල් මාස 06 හි රජයේ ආදායම් අගය වූ රු. බිලියන 715.3 හා සැසඳීමේ දී 28.54% ක වර්ධනයකි.

මෙම වකවානුව තුළ දී රජයේ බදු ආදායම රු. බිලියන 641.2 සිට රු. බිලියන 798.8 දක්වා ත්, බදු නොවන ආදායම රු. බිලියන 73.3 සිට රු. බිලියන 119.7 දක්වා ත් වැඩි වී ඇත.

කෙසේ වෙතත් මෙම කාලපරිච්ඡේදය තුළ දී රජයේ වියදම රු. බිලියන 1,495.5 සිට රු. බිලියන 1,822.1 ක් දක්වා වර්ධනය වී තිබේ.

එහිදී පුනරාවර්තන වියදම් රු. බිලියන 1,311.0 සිට රු. බිලියන 1,571.6 ක් දක්වා සහ ණය ආපසු ගෙවීම් අඩු කළ පසු ප්‍රාග්ධන වියදම් රු. බිලියන 184.5 සිට රු. බිලියන 250.5 ක් දක්වා ත් වැඩි වී ඇත.