2022 ජූනි මාසයේ දී ඩොලර් බිලියන 1.2 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක්

    July, 29, 2022

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2022 ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2 දක්වා 20% කින් වැඩි විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයීම් ඉහළ යාමයි.

     

    සේවා අපනයනය

    2022 පළමු භාගය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,337 ක් වූ අතර එය 2021 අනුරූප කාල සීමාවට වඩා 45.72% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණ (ICT), ව්‍යාපාර තත්ව කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.