• Ada Derana BIZ Sinhala
  • August
  • remittances
  • sri lanka

2022 වැඩිම ප්‍රේෂණ අගෝස්තුවේ දී

September, 12, 2022

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් පසුගිය අගෝස්තු මාසයේ දී මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 325.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2022 මේ දක්වා කාලය තුළ තනි මාසයක් තුළ ලද වැඩිම ප්‍රේෂණ අගය වේ.

මේ අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ දී ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,214.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

කෙසේවෙතත් මෙය පසුගිය 2021 වසරේ මුල් මාස 08 හි ලැබී තිබුණු සමස්ත ප්‍රේෂණ අගය වූ ඩොලර් මිලියන 4,224.3 හා සැසඳීමේ දී 47.6% ක පහළ යාමකි.

2022 වසරේ එක් එක් මාසය තුළ ලද ප්‍රේෂණ වටිනාකම් පහත පරිදි වේ.

(ඩොලර් මිලියනවලිනි)

ජනවාරි - 259.2
පෙබරවාරි - 204.9
මාර්තු - 318.4
අප්‍රේල් - 248.9
මැයි - 304.1
ජූනි - 274.3
ජූලි - 279.5
අගෝස්තු - 325.4