රට තුළ පැන නැඟී ඇති දුෂ්කර ආර්ථික වාතාවරණය හේතුවෙන් 2022 වර්ෂයේ මුල් කාර්තුවේ මැද භාගයේ සිට විසර්ජන පනත මඟින් ප්‍රතිපාදන වෙන් වී තිබූ කාර්යයන්ට අමතරව වෙනත් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වියදම් දැරීමට සිදු වීම මෙන්ම 2022 වර්ෂය සඳහා විසර්ජන පනත සම්මත කරන අවස්ථාවේදී පැවති අමාත්‍යාංශ ව්‍යුහය මේ වන විට සැලකිය යුතු පරිදි වෙනස් වීම හේතුවෙන් 2021 අංක 30 දරන විසර්ජන පනත වෙනුවට සංශෝධිත විසර්ජන පනතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.