2025 අවසාන කාර්තුවේ දී විදුලිබල මණ්ඩලයට රු. බිලියන 29ක දැවැන්ත පාඩුවක්

    March, 5, 2026

    ලංකා විදුලිබල මණ්ඩලය 2025 දෙසැම්බර් 31න් අවසන් කාර්තුවේ දී රු. බිලියන 29.15ක දැවැන්ත මූල්‍ය අලාභයක් වාර්තා කර ඇති බව, මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන සඳහන් කරයි. මෙය 2024 දෙසැම්බර් කාර්තුවේ දී විදුලිබල මණ්ඩලය විසින් වාර්තා කර තිබූ රු. මිලියන 603ක ලාභය හා සැසඳීමේ දී 4929%ක ලාභයේ පහත වැටීමක් වේ.

    මේ සමගම ලංකා විදුලිබල මණ්ඩලය 2025 වසර තුළ ලබා ඇති අලාභය රු. බිලියන 38.73ක් ලෙසින් සටහන්ව ඇත. 2024 සමස්ත වර්ෂය තුළ රු. බිලියන 141.60ක ලාභයක් වාර්තා කිරීමට විදුලිබල මණ්ඩලය සමත්ව තිබුණි.

    2025 දෙසැම්බර් 31න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා වන ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභඅලාභ ප්‍රකාශය පහතින් දැක්වේ.