2025 දී කොටස් වෙළෙඳපොළේ 41.89%ක සුවිශේෂී වර්ධනයක්

    December, 31, 2025

    2025 වසරේ අවසාන ගනුදෙනු දිනය ලෙසින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, අද (31) දින අවසන් වූයේ දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ 178.42 ක ඉහළ යාමක් වාර්තා කරමිනි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,624.31 ක් ලෙසින් සටහන් විය.

    සියලු කොටස් මිල දර්ශකයට අනුව 2025 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 41.89%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

    S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 46.03ක වර්ධනයක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒ අනුව S&P SL20 දර්ශකය ඒකක 6,157.38ක් ලෙසින් සටහන් වුණි.

    අද දින රු. බිලියන 4.65ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.