2025 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්

    March, 18, 2026

    2025 වසර සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, 2025 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2024 වසරට සාපේක්ෂව සියයට 5ක ධන වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.