August, 31, 2026
Mitsubishi Ralliart කණ්ඩායමේ ජපන් ජාතික ධාවක යුගලය ලබාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණය, Mitsubishi Triton (L200) රථයේ සැබෑ ශක්තිය හා විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි.
ආසියාවේ වඩාත්ම අභියෝගාත්මක මෝටර් රථ තරගාවලියක් ලෙස සැලකෙන 2026 ආසියානු Cross Country Rally (AXCR) ධාවන තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට Mitsubishi Triton රථය ධාවනය මගින් තරග වැදුණු Mitsubishi Ralliart කණ්ඩායම සමත් වී ඇත.
මෙම අතිදුෂ්කර තරගාවලිය පැය 12 යි, මිනිත්තු 58 යි, තත්පර 20 කින් නිම කිරීමට Katsuhiko Taguchi සහ සහායක ධාවක Takahiro Yasui සමත් වූහ. මෙය Mitsubishi Ralliart කණ්ඩායම AXCR තරගාවලියකදී පිට පිටම ලබාගත් දෙවන සමස්ත ශූරතාවයයි. තරගාවලි ඉතිහාසයේ ජපන් ජාතික ධාවකයෙකු සහ සහායක ධාවකයෙකු එක්ව සමස්ත ශූරතාව දිනාගත් ප්‍රථම අවස්ථාව ලෙසද මෙය පෙන්වා දිය හැක.
අගෝස්තු 09 වෙනිදා සිට 15 වෙනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වුණු මෙම තරගාවලිය කිලෝමීටර් 2,145.19 ක සමස්ත දුරකින් සමන්විත වූ අතර, ඊට කිලෝමීටර් 921.80 ක තරගකාරී විශේෂ අදියරයන් ඇතුළත් විය. ජලයෙන් යටවූ මාර්ග, කඳු නැගීම්, ඝන වනාන්තර, වගා බිම් හරහා වැටුණු මාර්ග, ගැඹුරු මඩ සහිත මාර්ග සහ ගංගා හරහා ධාවනය මෙන්ම දැඩි උෂ්ණත්වය හා අධික ආර්ද්‍රතාව සහිත දුෂ්කර පරිසර තත්ත්වයන් යටතේ තරගකරුවන්ගේ දක්ෂතාව මෙහිදී දැඩි ලෙස පරීක්ෂාවට ලක් විය.
මෙබඳු අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද, තම රථයේ කල්පැවැත්ම, පාලනය සහ ඕනෑම මාර්ගයක ධාවනය කිරීමේ හැකියාව මැනවින් පෙන්වීමට Mitsubishi Triton (L200) double cab රථය සමත් විය. තරගාවලියේ 3 වන අදියරේදී වේගවත්ම ධාවනය වාර්තා කරමින් පෙරමුණට ආ Taguchi සහ Yasui, තරඟය අවසානය තෙක්ම විනයානුකූලව, ඉවසීමෙන් හා ස්ථාවර ලෙස රථය ධාවනය කරමින් මිනිත්තු 2 යි තත්පර 25 ක පරතරයකින් මෙම අවසාන ජයග්‍රහණය තහවුරු කරගත්හ.
තරගාවලිය ජයගත් Triton රථය විශේෂයෙන් වෙනස්කම් කරන ලද T1 කාණ්ඩයේ තරගකාරී රථයක් වුවද, සාමාන්‍ය භාවිතය සඳහා නිපදවන Mitsubishi Triton රථ ද මෙම ප්‍රබල ඉංජිනේරු තාක්ෂණය සහ මෙවැනි තරග සඳහාම වෙන්වූ විශේෂාංග සමගින් නිර්මාණය කර ඇත. ඒ අතරට ශක්තිමත් Suspension ඉංජිනේරු තාක්ෂණය, විශ්වාසදායක තිරිංග පද්ධතිය, ක්ෂණික ප්‍රතිචාර දක්වන එන්ජින් ක්‍රියාකාරීත්වය සහ ඕනෑම දුෂ්කර භූමියකදී ලබාදෙන විශ්වාසනීය පාලනය ඇතුළත් වේ.
මෙම ප්‍රබල ශක්තිය, පාලනය සහ විශ්වාසනීයත්වය නිසා Mitsubishi Triton (L200) double cab රථය ශ්‍රී ලංකාවේ පවතින විවිධ මාර්ග තත්ත්වයන්ට එනම්, නගරබද මාර්ග, මහාමාර්ග, අධිවේගී මාර්ග, වැවිලි අංශය සහ ඉදි කිරීම් භූමි මෙන්ම අභියෝගාත්මක off-road පරිසරයන් සඳහාද මැනවින් ගැළපේ.
දැඩි මෝටර් රථ තරග කොන්දේසි යටතේ ලබන අත්දැකීම් සහ පාඩම්, සිය සාමාන්‍ය භාවිතය සඳහා නිපදවන වාහනවල ධාවන තත්ත්වය, ආරක්ෂාව, කල්පැවැත්ම සහ රියදුරු විශ්වාසය ඉහළ නැංවීම සඳහා යොදාගැනීම Mitsubishi Motors සමාගමේ දීර්ඝකාලීන සංකල්පයයි. Mitsubishi Ralliart කණ්ඩායමේ මෙම නවතම ජයග්‍රහණය එකී සංකල්පයේ සාර්ථකත්වය නැවතත් ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීමකි.
වසර 45 කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන සඳහා බලයලත් එකම නියෝජිතයා වන United Motors Lanka PLC මෙම විශිෂ්ඨ ජයග්‍රහණය සැමරීමට එක්වන අතර, මෙවැනි තරගාවලි මඟින් තහවුරු වූ උසස් තාක්ෂණයෙන් යුතු Mitsubishi Triton (L200) double cab රථය දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ලබාදීමට කටයුතු කරයි.
AXCR 2026 — නිල සමස්ත ප්‍රතිඵල (හොඳම කණ්ඩායම් 5)
| ස්ථානය | මාදිලිය | මුළු කාලය |
| 1 | Mitsubishi Triton | 12:58:20 |
| 2 | Toyota Hilux Travo | 13:00:45 |
| 3 | Isuzu D-Max | 13:08:22 |
| 4 | Toyota Hilux GR Sport | 13:13:10 |
| 5 | Ford Raptor | 13:55:06 |
රළු භාවිතයන්ට සුදුසු විශ්වාසනීය Mitsubishi Triton (L200) රථය මෙරට මාර්ග සහ පරිසර තත්වයන්ටද විශේෂයෙන්ම සුදුසු වේ.Mitsubishi Triton (L200) double cab රථය පිළිබඳ වැඩිදුර තොරතුරු United Motors Lanka PLC හී දීපව්‍යාප්ත ප්‍රදර්ශණාගාර වෙත පැමිණීමෙන් හෝ 0117565111 / 0117565104 / 0117565173 මෙම අංකයන් ඇමතීමෙන් ලබා ගත හැක.
Video Story