2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි

    April, 10, 2026

    2024 සහ 2025 වසරවල දී අඛණ්ඩව අත්පත් කර ගනු ලැබූ 5.0%ක ශක්තිමත් වර්ධනයන්ගෙන් පසු 2026 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.0%ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර සිටී.

    ආසියානු සංවර්ධන බැංකුව විසින් අද (10) දින ප්‍රකාශයට පත්කරන ලද Asian Development Outlook (ADO) April 2026, වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    තවද මෙරට උද්ධමනය 2025 වසරේ දී පැවති -0.5 මට්ටමේ සිට 2026 වසරේ දී 5.2%ක් දක්වා දැඩි ලෙස ඉහළ යනු ඇති බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. පවතින මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම, මෙරට උද්ධමනය මෙලෙස ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතුවනු ඇති බව එහිදී වැඩිදුරටත් පුරෝකථනය කර ඇත.