4 වෙනි මුදල් ප්‍රතිපත්තිය සතියකින් කල් යයි

    June, 20, 2018

    2018 ජූනි 29 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වසර සඳහා වන සිව්වන මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශ කිරීම සතියකින් කල් දමා තිබේ.

    මේ අනුව 2018 ජූලි 06 දින පෙරවරු 7.30 ට මෙම සිව්වන මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    ප්‍රතිපත්ති පොළී අනුපාතිකවල වෙනස්වීම් ඇතුළුව පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ විග්‍රහයක් මුදල් ප්‍රතිපත්ති විවරණය මගින් නිවේදනය කෙරේ.