90% ක් දක්වා ලීසිං දෙන අයවැය යෝජනාව ක්‍රියාත්මකයි

    April, 9, 2018

    2018 අයවැය යෝජනා පරිදි මෝටර් රථවාහන සඳහා ලීසිං පහසුකම් සපයන අනුපාතිකයන් වටිනාකමින් 50% සිට 90% දක්වා සංශෝධනය කරනු ලැබීය.

    මේ අනුව හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා වටිනාකමින් 70% ක් දක්වා ද ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා වටිනාකමින් 90% ක් දක්වා ද ලීසිං පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

    පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ සඳහා පැවති අනුපාතිකයෙහි වෙනසක් සිදුනොවන අතර එය 50% මට්ටමේ පවතිනු ඇත. මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක වීමට පෙර සෑම මෝටර් රථ මාදිලියක් සඳහාම අනුගමනය කරන ලද්දේ 50% ලීසිං ප්‍රතිපත්තියයි.

    මේ අනුව ක්‍රියාත්මක නව ලීසිං ක්‍රමවේදයන්ට අනුව එක් එක් වාහන වර්ගයේ ඉන්ධන මාදිලිය අනුව  වටිනාකමට ණය අනුපාතය (LVT) අනුව මූල්‍යන පහසුකම් පහත පරිදි ලබා ගත හැකිය.

     

     පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ  වටිනාකමින් 50%
     දෙමුහුන් මෝටර් රථ  වටිනාකමින් 70%
     විදුලියෙන් ධාවනය වන මෝටර් රථ  වටිනාකමින් 90%