December, 12, 2024
වසර 137 ක දීර්ඝ ඉතිහාසයකින් සමන්විත, ඉන්දියාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම (NBFC) වන Muthoot Finance සහ එහි ශ්‍රී ලාංකේය අනුබද්ධිත ආයතනය වන Asia Asset Finance PLC විසින් වසර 10 ක සාර්ථක සාඩම්බර හවුල්කාරීත්වය සමරනු ලබයි. ගෙවුණු දශකය තුළ මෙම සහයෝගිතාව හරහා දේශ සීමා බිඳ දමමින් නව්‍යකරණයෙන් යුත් මූල්‍ය සේවාවන් විප්ලවීය වෙනසකට ලක් කිරීමට ඔවුන් සමත් වී ඇත.
සුවිශේෂී සංධිස්ථාන සහ ජයග්‍රහණ
Muthoot Finance සහ Asia Asset Finance සහයෝගිතාව හරහා රන් ණය, ස්ථාවර තැන්පතු සහ කල් බදු, ඉඩම් ණය යන මූල්‍ය නිෂ්පාදනවල සුවිශාල අන්දමේ වර්ධනයක් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 30 දා වන විට Asia Asset Finance සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 32.28 ක් (USD 107.188M) ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 24.74% ක වර්ධනයකි. පසුගිය වසරේ දී සමාගම විසින් ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5.5 කි (USD 18.26M). ඒ වගේම සමාගම විසින් ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 26.1 ක් (USD 86.67M) දක්වා වැඩි වී ඇත.
මීට අමතරව සමාගම විසින් පසුගිය වසරට සාපේක්ෂව 102% ක වර්ධනයක් සනිටුහන් කරමින් 16.38% ක කොටස් ප්රතිලාභ (ROE) වාර්තා කරන ලදි. මේ වාර්තා සියල්ලන්ගෙන් ම පෙනී යන්නේ, Asia Asset Finance සමාගමේ උපාය මාර්ගික විශිෂ්ටත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය කාර්ය සාධනයේ විශිෂ්ටත්වයයි.
Muthoot Finance සමාගම විසින් ද 31% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, ඒකාබද්ධ ණය AUM ඉන්දීය රුපියල් බිලියන 1,041.49 ක් (USD 12.6B) වාර්තා කරන ලදී. එසේම සමාගම විසින් බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) ලෙස ඉන්දීය රුපියල් බිලියන 25.17 ක් (USD 304M) ද වාර්තා කළේ ය. ඉන්දියාව පුරා විසිරුණු ශාඛා 7,097 ක ජාලයක් ඔස්සේ දිනපතා පාරිභෝගිකයින් 250,000 කට වැඩි පිරිසකට තම සේවය සපයන Muthoot Finance සමාගම ඉන්දියාවේ විශාලතම රන් ණය ප්‍රමාණයට හිමිකම් කියයි. මෙය ඉන්දියාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් (NBFC) සහ බැංකු යන අංශ ද්විත්වයෙන්ම සලකා බලන විට, මූල්‍ය සමාගමක් සතු විශාලතම රන් ණය ප්‍රමාණය වේ. Muthoot Finance සමාගම යනු ඉන්දියානු මූල්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව හැඳින්වීමට මෙය හොඳ ම සාක්ෂියයි.
නව්‍යකරණයෙන් යුත් සේවාව
Muthoot Finance යනු මූල්‍ය ලොව දැවැන්තයෙකි. එබැවින් ඔවුන්ට මූල්‍ය ක්ෂේත්රය ගැන සුපතළ දැනීමක් සහ අත්දැකීම් රාශියක් ඇත. Asia Asset Finance හට ශ්‍රී ලාංකේය වෙළඳපොළ හැසිරීම පිළිබඳව පවතින දැනුම හා අවබෝධය එක් කරමින් ඔවුන් සෑම පාරිභෝගික අවශ්‍යතාවක් ම සපුරාලන විවිධ මූල්‍ය සේවාවන් රැසක් ශ්‍රී ලාංකේය සමාජය වෙත පිරි නමා තිබේ. මෙම ජයග්‍රහණවලට අමතරව, ඔවුන් විසින් සමාජය යහපත් කිරීම සඳහා ධනාත්මක සේවාවක් ද සිදු කර ඇත.
දිවයින පුරා ව්‍යාප්තිය
වර්තමානය වන විට Asia Asset Finance සමාගම විසින් දිවයින පුරා පැතිරුණු ශාඛා 100 ක ප්‍රමාණයක් ඔස්සේ තම සේවය ව්‍යාප්ත කර ඇත. ඒ හරහා රටේ සෑම තැනකට ම නව්‍ය මූල්‍ය සේවාවන් රැගෙන යෑමට ද ඔවුන් සමත් වී ඇත.
රටවල් ද්විත්වයේ මූල්‍ය දැවැන්තයින් විසින් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරන මෙම අවස්ථාවේ දී, ඔවුන් විසින් තම ඉදිරි අනාගතය සඳහා වූ සැලසුම් ද ඉදිරිපත් කරන ලදි. ශ්‍රී ලාංකේය ජනතාවට ග්‍රාමීය වෙළඳපළ වෙත ප්‍රවේශ වීම සඳහා ඩිජිටල් පරිවර්තනයක අවශ්‍යතාව ද ඔවුන් ඉදිරිපත් කරනු ලබයි.
මෙම අවස්ථාවේදී Muthoot Finance හි කළමනාකාර අධ්යක්ෂ ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් මුතූට් මහතා කියා සිටියේ, "මෙම සුවිශේෂී සංධිස්ථානය, සමාජීය පරිවර්තනයක් උදෙසා දරන ලද උත්සාහයකි. මෙම හවුල්කාරීත්වය විශ්වාසය මත ගොඩ නැගුණු, නවෝත්පාදනය අරමුණු කර ගත් ගැඹුරු සබඳතාවක් බව අප විශ්වාස කරන්නෙමු." ලෙස ය. මීට තවත් අදහසක් එකතු කරමින් Asia Asset Finance PLC හි විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි රජීව් ගුණවර්ධන මහතා, "ගෙවුණු දශකය පුරා සුවිශාල ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අපට අවස්ථාව ලැබුණි. අපගේ බලාපොරොත්තුව අනාගතයේදීත් නව්‍යකරණය වෙමින් සමාජයට යහපත් බලපෑමක් කළ හැකි ගාමක බලවේගයක් ලෙස වර්ධනය වීම වේ" යැයි පැවසුවේ ය.
මෙම උත්සවය සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, පාර්ශවකරුවන් සහ මාධ්‍ය සහෘදයන් රැසක් සහභාගී විය.
Video Story