December, 18, 2024
රඳවා තබා ගැනීමේ බද්ද (Withholding Tax) 5% සිට 10% දක්වා වැඩි කර ගැනීමේ එකඟතාවයකට පැමිණ ඇති බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අද(18) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේය.
"විශේෂයෙන්ම අපි Withholding Tax එක, රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කර ගැනීමට අපි එකඟ තාවයකට ආවා. එතකොට කාටහරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපේ සාමාන්‍යයෙන් වැඩිහිටි අය විශ්‍රාමිකයන් අපේ රටේ එවැනි ප්‍රජාවන් යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කරලා ඒකෙ පොලියෙන් ජීවත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මාසෙකට ලක්ෂ 1 1/2ක පොලියට වැටුනොත් තමයි ඒක බද්දටය යටත් වෙන්නේ. සාමාන්‍යයෙන් ලක්ෂ 1 1/2ක වත් ආදායමක් තියෙන්න ඕන. හැබැයි Withholding Tax එක හරහා සිදු විය හැකි දේ තමයි ලක්ෂ 1 1/2ක් ඊට යටින් බද්ද ගත්තත් රඳවා ගැනීමේ බද්දක් හැටියට රඳවා ගැනීමේ හැකියාව තියනවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට. ඒ නිසා අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නව අංශයක් විවෘත කරනවා ඕනැම පුරවැසියෙකුට තමන්ගේ බැංකු ගිණුමකින් මේ බද්දට ඇතුළත් නොවෙයි කියලා උපකල්පනය කරනවනම්. මගේ මාසේ අදායම පොලී ආදායම මගේ ලක්ෂ 1 1/2ක් නොවී මට අවුරුද්ට ලැබෙන ආදායම ලක්ෂ 18ක් නොවෙයි කියලා කවුරුහරි උපකල්පනය කරනව නම් ඔවුන්ට දේෂීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තමන්ගේ බදු තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා ඒ බද්දට අතුළත් වීම වලක්වා ගත හැකියි. මෙහි අපේක්ෂාව තියෙන්නේ විශ්‍රාමිකයන් වැනි මාසික එක්ලක්ෂ පනස්දහසක බදු සීමාවකට වඩා අඩු ආදායමක් ඇති සහ 10% බදු අනුපාතයට වඩා අඩු ආදායම් බදු ගෙවන පුද්ගලයින් හට තමන්ගේ රදවා තබා ගැනීමේ බදු අය නොකරන ලෙස සහ අඩු රදවා තබා ගැනීමේ බදු අනුපාතයන් දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එවැනි පුද්ගලයින්ට කඩිනමින් උපදෙස් ලබා දීමේ යාන්ත්‍රණයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන ශාකාව සහ සියළුම පළාත් වල පවතින ශාකාවල සැකසීමට නියමිතයි. ඒ නිසා කිසිවෙකුට අගතියක් වෙන්න නැහැ. නමුත් අපි අපේක්ෂා කරනවා අපි බදු දැල සඳහා බදු යාන්ත්‍රනය පුළුල් කිරීමේ හැකියාව පමණයි මෙතන තියෙන්නේ. එහෙම නැතුව අඩු ආදායම් ලබන අයට අතිරේක රැදවුම් බද්දක් අය කිරීමේ අවශ්‍යතාවයක් මෙතන පැන නගින්නේ නැහැ."
Video Story