December, 20, 2024
මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරනු ලබන සීඝ්රයෙන් ඉහළයන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනතාව ආරක්ෂාකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිගාමී පියවරයන් රැසක් ගෙන ඇත. පුද්ගලයන් හෝ ආයතනයන් බැංකු පනතේ 83ඇ(1) වගන්තියේ විධිවිධාන උල්ලංඝණය කර ඇත්තේද හෝ එසේ උල්ලංඝණය කිරීමට උත්සාහ කර ඇත්තේද යන්න තීරණය කිරීමට බැංකු පනතේ 83ඇ(3) වගන්තිය යටතේ විමර්ශන පැවත්වීම මෙම පියවරයන්ට ඇතුලත්වේ.
බැංකු පනතේ 83ඇ(1) වගන්තිය මගින් තහනම් යෝජනාක්රමවලට අදාල කටයුතු ආරම්භ කිරීම, අර්පණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, දැන්වීම් පලකිරීම, පවත්වා ගෙනයාම, කලමනාකරණය, මුදල් සැපයීම හෝ පාලනය කිරීම ආදිය තහනම් කර ඇත. මහජන අභිලාෂයන් හා මූල්‍ය පද්ධතියේ යහපැවැත්ම ආරක්ෂා කරමින් බැංකු පනතේ 83ඇ(3), වගන්තිය යටතේ පවතින විමර්ෂණ පැවත්වීමේ බලතල උපයෝගී කර ගනිමින් එවැනි උල්ලංඝණයන් ඵලදායීව හඳුනා ගැනීමට හා වැලැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව අරමුණු කරයි.
මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 83ඇ(3) වගන්තිය යටතේ පවත්වනු ලැබූ විමර්ශනයන් අතරතුර ලබාගත් තොරතුරු, ලේඛන, පොත් සහ වාර්තා නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් වෙත ලබාදීමද සිදුකර ඇත. තවද, බැංකු පනතේ 83ඇ(1), වගන්තියේ විධිවිධානයන් උල්ලංඝණය කරන ලද පුද්ගලයන් හෝ ආයතනයන්ට චෝදනා ගොනු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන අධිකාරීන් සමග සමීපව සහයෝගයෙන් කටයුතු කර ඇති අතර විශේෂයෙන්ම 2011 වසරේ සිට පහත ආයතන 20 ට එරෙහිව පියවර ගැනීමට සහය වී ඇති අතර මේ වන විට තවත් විමර්ශනයන් කිහිපයක්ම සිදු කරමින් පවතී.
1. Tiens Lanka Health Care (Pvt) Ltd 2. Best Life International (Pvt) Ltd
3. Mark-Wo International (Pvt) Ltd
4. V ML International (Pvt) Ltd
5. Fast3Cycle International (Pvt) Ltd
6. Sport chain app, Sport chain zs society Sri
Lanka
7. Onmax DT
8. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
9. Fastwin (Pvt) Ltd.
10. Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd.
11. Ride to Three Freedom (Pvt) Ltd.
12. Qnet
13. Era Miracle (Pvt) Ltd and Genesis Business School
14. Ledger Block
15. Isimaga International (Pvt) Ltd.
16. Beecoin App and Sunbird Foundation 17. Windex Trading
18. The Enrich Life (Pvt) Ltd
19. Smart Win Entreprenuer (Private)
Limited
20. Net Fore International (Private) Limited| Netrrix
මේවායින් සමහරක් ආයතන පිළිබඳ නීතිමය කටයුතු අධිකරණය ඉදිරියේ ආරම්භ වී ඇති අතර අනෙකුත් ආයතන පිලිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිලිබඳ විමර්ශනයන් නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් සිදු කරමින් පවතී. එම නිසා නහනම් යෝජනා ක්‍රම වල අවදානමින් ජනතාව ආරක්ෂාකිරීමට පවතින ශ්‍රී ලංකා මහ බැංකුවේ අඛණ්ඩ ක්‍රියාමාර්ගයන්ට සමගාමීව මෙම තහනම් යෝජනා ක්‍රම සමග සම්බන්ධ වීමේ අනතුරු සහගනබව පිළිබඳව ජනතාව දැනුවන්කිරීම සඳහා සවිස්තරාත්මක මහජන දැනුවත්කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන අතරතුර මේවාට සම්බන්ධ වංචනික පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් වෙන වාර්තා කිරීම ද අඛණ්ඩව සිදු කරමින් පවතී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රශස්ථ හා ඵලදායී ලෙස මෙම මහජන දැනුවන්කිරීමේ වැඩසටහන් සිදු කිරීම සඳහා පහත සඳහන් විවිධ ක්‍රම යොදා ගන්නා ලදී.
ඩිජිටල් මාධ්‍ය:
ශ්‍රී ලංකා මහ බැංකුව එහි නිල වෙබ් අඩවිය හා මාර්ගගත ප්රකාශනයන් මඟින් නහනම් යෝජනා ක්‍රම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කල යුතු තොරතුරු මහජනතාවට සැමවිටම ප්‍රවේශය තහවුරු කරමින් ලබා දෙනු ලැබේ.
පුවත්පත් දැන්වීම්:
තහනම් යෝජනා ක්‍රම ආශ්රිත අවදානම් ඉස්මතු කිරීමට හා එවැනි යෝජනා ක්‍රම මගහැරීමට මාර්ගෝපදේශ සැපයීම පිණිස පුවත්පත් නිවේදන මාලාවක් නිකුත්කර ඇත. විවිධ ජන කණ්ඩායම් වලට ලඟාවෙමින් මෙම දැන්වීම් විවිධ මාධ්‍යයන් ඔස්සේ සංසරණය වේ.
දැනුවත්කිරීමේ සැසි:
2023 සහ 2024 වසර තුලදී, 50,000 අධික සහභාගීත්වයකින් යුතුව ප්‍රධාන කාර්යාලයේදී හා පලාන් කාර්යාලවලදී මහ බැංකුව විසින් දැනුවත්කිරීමේ සැසි 700 කට වැඩි සංඛ්‍යාවක් පවන්වා ඇත. මෙම සැසි තහනම් යෝජනා ක්‍රම පිළිබඳව අවබෝධය පුළුල් කරමින් හා මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කරමින් ජනතාව සමග සෘජු සංවාදයන්ට උපකාරී විය.
සමාජ මාධ්‍ය බලපෑම් කරුවන් සමග සහයෝගීත්වය :
සමාජ මාධ්‍යවල බලපෑම හඳුනා ගනිමින් පණිවුඩ ප්‍රචාරණය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන සමාජ මාධ්‍ය බලපෑම් කරුවන් සමග අන්වැල් බැඳගනු ලැබීය. මෙම බලපෑම් කරුවන් තාක්ෂණයෙන් සන්නද්ධ තරුණ ප්‍රජාව වෙන ලඟාවෙමින් සවිස්තරාත්මක නොරතුරු හා පුද්ගලික අදහස් දැක්වීම් ඵලදායී ලෙස හුවමාරු කරගනු ලැබීය.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව එහි ක්‍රියාමාර්ග තුළින් ජනතාව තහනම් යෝජනා ක්‍රම සමග සම්බන්ධ වීමෙන් ආරක්ෂා කිරීමට හා මූල්‍ය පද්ධතියේ යහපැවන්ම තහවුරු කිරීමට කැපවී සිටී. නවද, ජනතා අභිලාශයන් ආරක්ෂා කිරීමේදී මෙන්ම ආර්ථික සහ මූල්‍ය පද්ධනියේ ස්ථායීනාව පවත්වා ගෙන යාමේදී අඛණ්ඩ අවධානයෙන් සිටීමේ හා සියලු පාර්ශවයන්ගේ සහයෝගීත්වයෙහි වැදගත්කම් ශ්‍රී ලංකා මහ බැකුව අවධාරණය කරයි.
Video Story