ශ්‍රී ලංකාවේ බදු සංශෝධන ගැන IMF මතය ඉදිරියේ දී

    December, 20, 2024

    උපයන විට ගෙවන බදු (PAYE tax) සහ රඳවා ගැනීමේ බදු සංශෝධනය කරමින් යෝජනා කිහිපයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ලැබී තිබුණු බවයි.

    මේ අතර මේ සම්බන්ධ සවිස්තරාත්මක ඇගයුම් වාර්තාවක් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජුලි කොසැක් පැවසුවාය.

    “විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසුව ප්‍රකාශයට පත් කෙරෙන කාර්ය මණ්ඩල වාර්තාවේ මෙම ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කාර්ය මණ්ඩලය විසින් ඇතුළත් කරනු ඇත“, යනුවෙන් IMF සන්නිවේදන අධ්‍යක්ෂවරිය මෙහිදී කියා සිටියාය.