December, 20, 2024
එක්සත් ජනපද ඩොලරයක අගය රු. 292 සීමාව අද (20) දින පසු කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක නිරූපිත විනිමය අනුපාතය රු. 292.68 ක් ලෙසින් සටහන් වන අතර 2024 නොවැම්බර් 18 දිනෙන් පසු ඩොලරය රු. 292 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
මේ අතර අද දින ඩොලරයක ගැනුම් මිල රු. 288.57 ක් හා විකුණුම් මිල රු. 297.33 ක් ලෙසින් සටහන් වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 දෙසැම්බර් 13 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 11.6% කින් අතිප්‍රමාණය වී ඇති බවයි.
Video Story